කොමඩ් එක ඉස්සු විත්තිකරුට වසර 03 ක සිරදඬුවම්

රත්ගම ප්‍රදේශයේ වැඩිහිටි නිවාසකින් වැසිකිළි පෝච්චියක් (කොමඩ් එකක්) සොරකම් කිරිම සහ සොර බඩු ලඟ තබා ගැනිම සම්බන්ධ චෝදනා දෙකට වරදකරුවු විත්තිකරුවෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රුපියල් තුන් දහසක දඩ මුදල් සහ  වසර තුනක සිර දඩවම් නියම කලේය.

මෙසේ දඩුවම් නියමවුයේ රත්ගම පදිංචි 37 හැවිරිදි විත්තිකරුවෙකුටය.

රත්ගම ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක පාවිච්චි කරන ලද වැසිකිළි පෝච්චියක් වෙනත් තැනක සවි කිරිම සඳහා ගලවා තිබියදි විත්තිකරු එය සොරකම් කරගෙන ගොස් කැලැවක සඟවා තිබියදි පොලිසිය විසින් සොය‍ාගෙන ඇත.

පසුව සොරකම් කිරිම සහ සොරබඩු ලඟ තබා ගැනිම යන චෝදනා දෙක යටතේ විත්තිකරුට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇති අතර පළමුවන චෝදනාවට රුපියල් එක් දහස් පන්සියක දඩයක් සහ එක් වසරක සිර දඩුවමක්ද දඩ නොගෙවන්නේ නම් තවත් මාසයක සිර දඩුවමක්ද නියමවු අතර දෙවන චෝදනාවට රුපියල් එක් දහස් පන්සියක දඩයක් සහ වසර දෙකක සිර දඩුවමක්ද, දඩ නොගෙවන්නේ නම් තවත් මාසයක සිර දඩුවමක්ද නියම විය.

Leave a Reply