කොට්ටව රක්ෂිතයේදී ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී 04 දෙනකුට තුවාල

ගාල්ල සිට උඩුගම දෙසට ධාවනය වු ත්‍රි රෝද රථයක් මතට කොට්ටව රක්ෂිතයේදි ගසක් කඩා වැටිම නිසා ත්‍රි රෝද රථයේ සිටි හතර දෙනෙකු තුවාල ලබා අද (13) සවස කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි යක්කලමුල්ල පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ හිනිදුම පදිංචි එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනාය. කරාපිටිය රෝහලට පැමිණ නිවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අඩි 150ක් පමණ උස ඉතා විශාල ප්‍රමාණයේ හොර ගසක් මෙලෙස කඩා වැටී ඇති බවත් එහි අතු කොටස් ත්‍රිරෝද රථ මතක වැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

ත්‍රි රෝද රථය මතට ගස කඩා වැටිමත් සමග ප්‍රදේශවාසින් එක්ව එහි සිටි හතර දෙනා බේරාගෙන කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර ත්‍රි රෝද රථයට දැඩිලෙස අලාබ හානි සිදුව ඇත.

Leave a Reply