කුවේට් රාජ්‍යයේ භුමිකම්පාවක්

කුවේටයේ අද (04) අලුයම මැග්නිටියුඩ් 5 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව එරට ප්‍රවෘත්ති අමාත්‍යාංශය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ

එරට වේලාවෙන් අද උදෑසන 4:28 ට පමණ නිරිත දෙසින් වු අහමදි ප්‍රදේශයේ මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය පිහිටා ඇති බවත් එය පොළවේ සිට කිලෝමීටර් 5 ක් ගැඹුරේ සිදු වි ඇති බව එරට භූ විද්‍යා අංශ ප්‍රකාශ කර ඇත.

මෙම භූමිකම්පාවෙන් කිසිදු හානියක් සිදුව නොමැති බව එරට ගිනි නිවන ඒකකය තහවුරු කර ඇත

නිරිතදිග අහමදි ප්‍රදේශයට බලපෑ භූමිකම්පාවෙන් තෙල් සහ ගෑස් නිෂ්පාදන පහසුකම් ක්‍රියාත්මක කිරීමේ මධ්‍යස්ථානවලට බලපෑමක් නොමැති බව කුවේට් තෙල් සමාගම තහවුරු කළ අතර, තෙල් සහ ගෑස් නිෂ්පාදනය මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවෙමින් පවතින බවද එම සමාගම් සඳහන් කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය ද කුවේටයට බලපෑ භූ කම්පනය සටහන්ව ඇත

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ පටවල නිවාස කිහිපයක බිත්ති කිහිපයක ඉරිතැලීම් සහ එක් සාප්පු සංකීර්ණයක රාක්ක වලින් සමහර භාණ්ඩ වැටෙන අයුරුද සටහන්ව ඇති අතර මෙම භූමිකම්පාව රට පුරා බොහෝ ජනතාවට දැනී ඇත. 

Leave a Reply