කුරුණෑගලට කිඹුලන් ඇවිත්

කුරුණෑගල ප්‍රදේශයට කිඹුලන් ආගන්තුක සත්ත්ව විශේෂයක් වුවද පොතුහැර ප්‍රදේශයේ පාත්‍රාගලවත්ත ගම්මානය වැවකට කිඹුලන් දෙදෙනකු පැමිණ සිටීම හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි ජනතාවද දැඩි බියට පත්ව ඇතැයි වාර්තා වේ

කුරුණෑගල යනු කිඹුලන් දැකගත නොහැකි  ප්‍රදේශයක් වුවද මෙම ප්‍රදේශයට කිඹුලන් පැමිණියේ කෙසේදැයි යන්න බරපතළ ප්‍රශ්නයක් වන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති

මීට මාස තුනකට පමණ පෙර සිට පාත්‍රාගලවත්ත ප්‍රදේශයේ ඇති අමුණුතුඩුව වැවේ ඉඳහිට දැකගන්නට ලැබුණු මේ කිඹුලන් දෙදෙනා මේ වන විට වැවෙන් ගොඩට පැමිණ ගම්මානය තුළ ගොදුරු සොයා සැරිසරමින් නිවෙස් වල සුරතලයට ඇති කරන සුනඛයන් මෙන් ම එළුවන් කුකුළන් වැනි සතුන් ද ආහාරයට ගැනීමට පුරුදුව සිටිමෙන් ඉතා අනතුරුදායක තත්වයක් නිර්මාණය වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති

කලකට පෙර ගොවිතැනට ජලය සපයා ගැනීම සඳහා ඉදිකර තිබෙන අමුණුතුඩුව ආසන්නයේ පිහිටි පාත්‍රාගලවත්ත වතුයායේ සේවය කරන කම්කරුවන්ගේ නිවාස පෙළක් ද තිබෙන අතර එම කම්කරුවන් සිය ස්නාන කටයුතු ඇතුළු අවශ්‍යතා රැසක් මෙම වැවෙන් ඉටු  කරගත්තද තිබුණු කිඹුල් බිය හේතුවෙන් දැන් වැව දෙසට යාමටවත් බියක් දක්වන බව ජනතාව පවසති

Leave a Reply