කුප්පි ලාම්පුව කුඩා බිළිඳෙකු බිලිගනි

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, තේරාවිල් ප්‍රදේශයේදී කුප්පි ලාම්පුවක් පෙරළී ඇති වූ ගිනි ගැනීමකදී මාස 6ක් වයසැති බිලිඳකු පිලිස්සී බරපතළ තත්ත්වයේ සිටියදී පෙරේදා (01) මියගොස් ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

අනතුරුව බිළිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහ රෝහලට රැගෙන යෑමෙන් පසුව යාපනය ශික්ෂණ රෝහලට මාරු කොට යවා එහිදී ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී සිරුර බරපතළ ලෙසින් පිලිස්සී තිබීම හේතුවෙන් පෙරේදා (01) මිය ගොස් ඇත.

ඉකුත් ජනවාරි 22 වැනිදා රාත්‍රියේ තේරාවිල් ප්‍රදේශයේ පිහිටි අදාළ නිවෙසේ බිළිඳා නිදා සිටියදී කුප්පි ලාම්පුව පෙරළීමෙන් ඇති වූ ගිනි ගැනීමකදී බිළිඳාගේ සිරුර පිලිස්සී බරපතළ තත්ත්වයෙන් ධර්මපුරම් මූලික රෝහලට රැගෙන ගොස් තිබේ.

කුප්පි ලාම්පුව පෙරළෙන අවස්ථාවේදී බිළිඳාගේ මව ගෙමිදුලේ සිට ඇති බවත් මවුපියන්ගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් මෙලෙස අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ දීමට සිදුවන බවත් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

Leave a Reply