කුඩා ලොරියක් ඇළකට පෙරලි දෙදෙනෙකුට බරපතළ තුවාල

හැටන් කොටගල යදන් සයිඩ් වතු යායට පිවිසෙන මාර්ගයේ පිහිටි පාලම අසල යතුරු පැදියකට ඉඩ ලබාදීමට ගිය කුඩා ලොරි රථයක් පාලමේ ආරක්ෂිත වැට කඩාගෙන දිඹුල පතන ඩෙවෝන් ඇළට පෙරලීමෙන් අනතුරක් ඊයේ (22) පස්වරුවේ සිදුව තිබෙන බව පොලිසිය පවසයි.

අනතුරින් ලොරියේ රියදුරා සහ රිය සහායක බරපතළ තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.පසුව තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහලට මාරු කර යවා තිබේ.

යදන් සයිඩ් වතුයායේ සිට කොටගල නගරය දක්වා ධාවනය වු ලොරි රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු යතුරු පැදියකට පාලම මත දී ඉඩ ලබාදීමට යාමේදී ලොරි රථය පාලමේ ආර්ක්ෂිත වැටද කඩා ගෙන අඩි 20ක් පමණ පහළින් වු ඩෙවෝන් දිය ඇල්ලේ ජලය ගලා බසින ඩෙවොන් ඇළට පෙරළී ඇත‍.

ලොරි රථය අනතුරට පත් වන අවස්ථාවේ ලොරි රථයේ සිව්දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් ලොරියේ පසුපස ගමන් ගත් දෙදෙනාට කිසිදු අනතුරක් සිදු වී නොමැත.

සම්බන්ධය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන ලබයි

Leave a Reply