කුඩා දැරියන් දෙදෙනකු පාළු නිවසක තනිකර දමා දෙමව්පියන් පැනලා ගිහින්

අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ පාළු නිවසක් තුළ කුඩා දරුවන් දෙදෙනෙකු අතහැර දමාගොස් සිටියදි එම ස්ථානයට ගිය පොලීසිය විසින් දරුවන් දෙදෙනා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙන පැමිණි පුවතක් වාර්තාවේ

අසල්වාසීන් විසින් මේ බව ඊයේ (11) රාත්‍රියේ අම්බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය දැනුවත් කර තිබේ.

මෙලෙස තනිකර දමා ගොස් ඇත්තේ අවුරුදු 2ක් සහ 3ක් පමණ වයසැති ගැහැනු දරුවන් දෙදෙනෙකු බවද පොලිසිය පවසයි.

පොලීසිය භාරයේ සිටි දරුවන් දෙදෙනා ළමා නිවාසයකට භාරදීම සඳහා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

මෙම දරුවන්ගේ දෙමාපියන් සොයා ගැනීම සඳහා මහජන සහාය පතන බවත් ඔවුන් සොයාගත් පසු ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply