කුඩා දැරියට අමානුෂික අයුරින් කෲර වධහිංසා කල සුළු මව රිමාන්ඩ්

09 හැවිරිදි දැරියකට මිරිස් සහ ගම්මිරිස් මිශ්‍ර වතුර පොවා, ගෙල මිරිකා පහර දී පුලුස්සා කෲර වධ හිංසාවට ලක් කළ 29 හැවිරිදි කාන්තාවක් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කර තිබේ.

මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ දැරියගේ පියාගේ දෙවැනි බිරිඳයි ( දැරියගේ සුළු මව)

කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචි කනිෂ්ඨ විද්‍යාලයක 4 වන වසරේ ඉගෙනුම ලබන මෙම දැරිය ඇයට වන වධහිංසාව පිළිබඳ විද්‍යාලයේ ආහාර පිසින කාන්තාවට පැවසීමෙන් අනතුරුව ඇය විසින් පන්ති භාර ගුරු මහත්මියට කරන ලද දැනුම්දීමක් අනුව විදුහල්පතිනිය දැරිය සමග පොලිසියට පැමිණ කළ පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

දැරියගේ මව ඇය පෙර පාසල් යන අවධියේ දී දැරිය පියා සමග තනිකර නිවසින් පිටව ගොස් ඇති බවත් දැරියගේ පියා මීට වසර දෙකකට පමණ ඉහත දී මෙම කාන්තාව නිවසට කැඳවාගෙන පැමිණ ඇති බව ඇයට ඒ වන විට පෙර විවාහයේ පුරුෂයාගෙන් පිරිමි දරුවකු ද සිට ඇති බවත් පොලිසිය පවසයි.

සැකකාර කාන්තාව විසින් මෙම දැරියට අමානුෂික අයුරින් කෲර වධ හිංසා පමුණුවා ඇති බවද පොලිසිය පවසයි.

Leave a Reply