කුකුළු ගොවිපළකින් කුකුළන් උස්සලා

හතරලියද්ද පොල්වත්ත ප්‍රදේශයේ කුකුළු ගොවිපලකින් හොඳින් වැඩුණ කුකුළන් 240 දෙනෙකු සොරකම් කරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

සොරකම සිදුවන අවස්ථාවේදී එම කුකුළු ගොවිපළේ කුකුළන් 2000 පමණ සිටි බවත් එම කුකුළු ගොවිපළේ කූඩුවල යකඩ දැල් කපා කුකුළන් පොහොර උරවල බහා රැගෙන ගොස් ඇති බවට එහි හිමිකරු පැමිණිලි කර ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Leave a Reply