කිරිපිටි සොරකමේ ගිය පස් දෙනෙකු අත් අඩංගුවට

උත්සව සමයේ සුපිරි වෙළඳසැල් වලින් වටිනාකමින් වැඩි කිරිපිටි ටින් සොරකම් කල පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එකම පවුලේ මව, දියණිය, පුතා, ලේලිය ඇතුළු භාණ්ඩ ප්‍රවාහනයට යොදාගත් ත්‍රීරෝද රථයක හිමිකරුද වන බව පොලිසිය පවසයි .

මේ දිනවල සුපිරි වෙළඳසැල් වල විශාල පාරිභෝගිකයින් පිරිසක් සිටින නිසා කුඩා දරුවන්ගේ බෑග්, හෙල්මට් මෙන්ම විශේෂ යට ඇදුම් භාවිතා කරමින් සොරකම් කර ඇති බව හෙලිව ඇතැයි පොලිසිය පවසයි.

සැකකරුවන් කළුතර, මතුගම, අම්බලන්ගොඩ, කහතුඩුව ගෝනපොල යන ප්‍රදේශ වල පිහිටි සුපිරි වෙළඳසැල් වලින් මෙසේ කිරිපිටි  සොරකම් කර ඇති අතර එය ආරක්ෂිත කැමරා ගණනාවක සටහන්ව තිබී ඇත.

සොරකම් කල කිරිපිටි ටින් 30 ක් , ප්‍රවාහනයට යොදාගත් ත්‍රීරෝද රථය, සොරකම් සදහා භාවිතා කල හෙල්මට් දෙකක්, ජංගම දුරකථන හතරක්, යතුරු පැදි හිස් වැසුම් දෙකක් සොයාගැනීමට පොලිසිය සමත්ව ඇත.

සැකකරුවන් අද (13) පානදුර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply