කිරිපිටි කියා හෙරොයින් විකුණු අයෙකු අත් අඩංගුවට

කඳාන, දකුණු බටගම, එක්සත් මාවතේ නිවසක කිරිපිටි අලෙවි කිරීමේ මුවාවෙන් හෙරොයින් ජාවාරමේ යෙදුණු පුද්ගලයකු බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් කිලෝ එකහමාරක්ද සමඟ ගෝනහේන කඳවුරේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි අයෙකු බවත් ඔහු කුලී පදනම ලබාගත් නිවෙසක පුරා වසර දෙකක කාලයක පටන් ආරක්ෂක අංශවලට වසන් වී මෙම ජාවාරම කරගෙන ගොස් තිබෙන බව පොලිසිය පවසයි.

ලද තොරතුරකට අනුව ඉකුත් 17 වැනිදා වැටලීම කර ඇති අතර අත්අඩංගුවට පත් පුද්ගලයා ත්‍රිරෝද රථ උකස් ගන්නකු ලෙස පෙනී සිටිමින් මත්කුඩු  ජාවාරමේ නිරතව ඇති බවත් පොලිසිය පවසයි.

කිරිපිටි පැකට් තුළ සූක්ෂ්ම ලෙස මත්කුඩු අසුරා කිරිපිටි රැගෙන යන මුවාවෙන් සැකකරු මත්කුඩු බෙදාහැරීමේ නිරතව ඇත.

අත්අඩංගුවට ගත් මත්කුඩුවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 4කට අධික බවත් විදෙස්ගත පුද්ගලයකු මෙම ජාවාරම  මෙහෙයවා ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply