කිතුල් මලක් කැපිමට ගිය පුද්ගලයෙකු ගස උඩදි ජිවිතක්ෂයට

පිටිගල පොලිස් වසමේ කරුවලතොට කටුකැටිය ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඉඩමක කිතුල් ගසක කිතුල් මල කැපීම සඳහා ගසට නැගි පුද්ගලයෙකු අද (03) පෙරවරුවේ ගස උඩම මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

ප්‍රදේශවාසින් විසින් ඒ බව පොලිසියට දැනුම්දිමෙන් පසු මෘත ශරීරය කිතුල් ගසෙන් බිමට ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 63 හැවිරිදි පොරවගම ප්‍රදේශයේ පුද්ගලයෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘතදේහය ඇල්පිටිය මුලික රෝහලට රැගෙන යාමට නියමිතව තිබූ අතර පිටිගල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply