කැලණි, කළු ගංඟා හා අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

ඉදිරි පැය කිහිපයේ කැළණි ගං ද්‍රෝණියේ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අත්තනගලු සහ උරුවල් ඔයේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන, වත්තල පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

කළු ගඟ අවට, පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රදේශවල පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි

Leave a Reply