කැරපොතු වඩේට අසූ දහසක් දඩ

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙස සකස් කළ වඩයක කැරපොත්තෙක් සිටීම හේතුවට වරද පිළිගත් යාපනය නල්ලූර් කෝවිල අසල ආපනශාලා හිමිකරුවකුට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 80,000ක් දඩයක් නියම කර තිබේ.

අපිරිසිදු ආහාර සකස් කළ ආපනශාලාවේ මුළුතැන්ගෙට රුපියල් 20,000 මුදලක් ද ඒවා අලෙවි කළ වෙළඳසැලට රුපියල් 60,000 ක මුදලක්ද වශයෙන් එම දඩ මුදල අධිකරණය නියම කර තිබේ.

එම ආපනශාලාවේ උදෑසන ආහාරය ලබා ගැනීමට ඉකුත් 04 වනදා ගිය පුද්ගලයෙකුට කැරපොත්තෙකු සහිත වඩයක් ලබාදී තිබු ලබා දී තිබදී තිබූ බවත් පසුව ඒ පිළිබඳව එම පුද්ගලයා තම කාර්යාලයට දැනුම් දුන් බවත් යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය අධිකරණය දැනුම් දි තිබේ.

එම පැමිණිල්ලට අනුව අදාළ ආපනශාලාව පරීක්ෂාවට ලක් කිරීමේ දී එහි අපිරිසුදුකම හේතුවෙන් ඉහත සීල් තැබූ බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ

ඒ අනුව වැරදි සදහා දඩ නියම කළ අධිකරණය නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කර එම වෙළඳසැල විවෘත කිරීමටද වෙළඳසැල් හිමිට නියෝග කර තිබේ.

Leave a Reply