කාන්තාවක් වෙඩි වැදි මිය ගිය සිද්ධියට හමුදාවේ දෙකක් අත් අඩංගුවට

බොරැල්ල ප්‍රදේශයේදී ඊයේ (14) රාත්‍රියේ වෙඩි වැදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධහමුදා සෙබළුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි.

යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු විසින් සැකකරුවෙකු තම භාරයට ගැනීමට යාමේදී ගිනි අවියක් ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම කාන්තාවට වෙඩි වැදී ඇති බව පොලිසිය පවසයි.

පසුව එහි සිටි පිරිස් විසින් වෙඩි වැදුණු කාන්තාව රෝහල්ගත කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.

කාන්තාවගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බොරැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

වැටලිමක් අතරතුර වැරදිමකින් වෙඩි වැදී කාන්තාවක් මරුට

Leave a Reply