කාන්තාවක් ඝාතනය කර ගෙල බැඳි රන් ආභරණ පැහැරගෙන

ළිඳුල පොලිස් වසමට අයත් වොල්ට්‍රිම් වතුයායේ නිවසක සිටි සිව්දරු මවක් අද (21) පෙරවරුවේ ඝාතනය කර ඇයගේ ගෙල බැඳි රන් මාලය සහ කරාබු ජෝඩුව පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ 68 හැවිරිදි සිව්දරු මවකි.

අද පෙරවරුවේ දියණිය සහ බැණා රැකියාව සඳහා පිටත්ව යාමෙන් අනතුරුව නිවසේ රැඳී සිටි මිණිබිරියද නිවසින් බැහැරව ගිය අවස්ථාවේදී නිවසට ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දි ඇය ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලිඳුල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply