කාන්තාවක් අකුණට බිලි

පල්ලම අඩම්මන වෙල් යායෙදී අකුණු සැර වැදි දෙදරු මවක අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇත්තේ අඩම්මන පදිංචිව සිටි 37 හැවිරිදි දෙදරු මවක් බවද පොලිසිය පවසයි.

කුඩා ඉඩමේ තිබු කජු ගසකින් කජූ කිලෝවක් සකසා ගෙන එය විකුණා දරුවන් දෙදෙනාට රාත්‍රි කෑම සකසා දීම සදහා වෙළද සලකට ගොස් ආපසු වෙල් යාය මැදින් නිවසට පැමිණේමින් සිටියදී මෙසේ අකුණු සැරට ලක්වි මරණයට පත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පල්ලම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply