ක්‍රොඒෂියාව පරදවමින් ප්‍රබල ආර්ජන්ටිනාව අවසන් මහා තරඟයට

අද (14) පැවති අවසන් පූර්ව තරගයෙන් ක්‍රොඒෂියා කණ්ඩායම ගෝල 3 – 0ක් ලෙස පරාජයට කරමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත්විය.

එහිදී සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී ආජන්ටිනාව වෙනුවෙන් මෙම තරගයේ පළමු ගෝලය වාර්තා කළේය.

තරගයේ 34 වන මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ප්‍රබල ක්‍රිඩක මෙසී එම ගෝලය වාර්තා කළේය. පසුව ආජන්ටිනා කන්ඩායම වෙනුවෙන් Julián Álvarez දෙවන ගෝලය 39 සහ 69 මිනිත්තුවේ වාර්තා කිරීමට සමත්විය.

ඒ අනුව තරගයේ පළමු අර්ධය අවසන් වනවිට ගෝල 2ට 0ක් ලෙස ආජන්ටිනාව පෙරමුණේ පසුවිය

Leave a Reply