කළුතර පාසලක සිසුවෙකුට නවක වදය දුන් සිසුන් තිදෙනකු අත්අඩංගුවට

අපොස උසස් පෙල හැදෑරීමට කළුතර ප්‍රධාන පිරිමි පාසලකට ඇතුල්වූ සිසුවකුට අමානුෂික අන්දමින් නවක වදයට ලක්කර පහරදුන් බවට සැකපිට සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රධාන පිරිමි විදුහලක අපොස උසස් පෙළ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකි.

එම විදුහලේ අපොස උසස් පෙල නව පංතියට ඇතුල්වූ සිසුවකු මෙසේ නවකවදය ලබාදී පහරකෑමට සිසුවා ප්‍රතිකාර ලබාගැනීම සදහා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇත

සැකකාර සිසුන් තිදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

Leave a Reply