කළුකඩේ පෙට්‍රල් ලීටරයක් 2000 – 2500 අතර මිලකට අලෙවි වෙයි

රට තුළ පවතින ඉන්ධන හිඟයත් සමඟ මේ වනවිට නීති විරෝධීව අනාරක්ෂිත ලෙස ගබඩා කරගනිමින් අලෙවි කරන පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 2000 – 2500 අතර මිලකට අලෙවි වන බව වාර්තාවේ.

පවතින ඉන්ධන හිඟය ප්‍රයෝජනය ගනිමින් නීති විරෝධී ආකාරයට අනාරක්ෂිතව ඉන්ධන රැස් කර තබාගෙන සිටින පුද්ගලයන් මෙලෙස ඉහළ මිලකට අලෙවි කරන බව බව ජනතාව පවසති.

වෙළදපොළ පවතින මිළට වඩා හතර ගුණයකින් පමණ වැඩිකර අසාධාරණ ලෙස එම පිරිස් මේ ආකාරයට ඉන්ධන අලෙවි කරන බවට ජනතාව චෝදනා කරයි

Leave a Reply