කරාපිටිය පිළිකා රෝහලේ ළමා වාට්ටුව අවුරුදු 1 1/2 තිස්සේ වහලා – ළමා ජිවිත දැඩි අනතුරේ

මහරගම අපේක්ෂා රෝහල හැරුණ විට දිවයිනේ ඇති එකම පිළිකා ළමා වාට්ටුව ඇත්තේ කරාපිටිය පිළිකා රෝහලේය. එහෙත් එම ළමා වාට්ටුව සම්පූරණයෙන්ම වසා දමා මේ වනවිට වසර එකහමාරක් ගතව ඇතත් එය විවෘත කිරිමට මේ වනතෙක් පියවර ගෙන නැති නිසා එම වාට්ටුවෙන් ප්‍රතිකාර ලබන ඇත පළාත් වල දරුවන් විශාල පිරිසකට බලවත් අසාධාරණයකට සහ ජිවිත පිළිබඳව දැඩි අවදානමකට මුහුණ දිමට  සිදුව ඇත.

මෙම වාට්ටුව දිනපතා රෝගි දරුවන් දස දෙනෙකු සඳහා අංගසම්පුර්ණ නේවාසික පහසුකම්වලින් ද “කිමෝතෙරපි” සහ“රේඩියෝ තෙරපි” ප්‍රතිකාර පහසුකම්වලින්ද යුක්තව ඉදිකරන ලද්දක් වන අතර විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන්ද ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන්ද, පුහුණු හෙද කාර්ය මණ්ඩලයකින්ද, කණිෂ්ඨ සේවකයින් දෙදෙනෙකුගෙන් ද යුත් කාර්ය මණ්ඩලයක්ද විය.

මේ අතර ශ්‍රි ලංකා පිළිකා සංගමයේ කරාපිටිය ශාඛාව මගින් මෙම වාටුටවේ ප්‍රතිකාර ලබන දරුවන් සඳහා අවශ්‍ය රෝහලේ නොමැති ඖෂධ පිටතින් ලබාදිම,දිනපතා ආහාර පාන ලබාදිම, අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදිම මෙන්ම එම දරුවන්ගේ පෝෂණය සහ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මාසික දිමානවක් ලබා දිමට ද කටයුතු කර තිබින.

මෙම වාට්ටුවෙන් ප්‍රතිකාර ගනු ලබන්නේ දකුණු පළාතේ රෝගි දරුවන් පමණක් නොව ඇල්ල, වැල්ලවාය, බදුල්ල, මොණරාගල, අම්පාර, කතරගම, ආදි දුර බැහැර ප්‍රදේශවල පදිංචි දරවෝද වෙති.

එහෙත් පසුගිය වසරේ ජූනි මාසයේ මෙම වාට්ටුව සම්පූරණයෙන්ම වසා දමන විට ප්‍රතිකාර සඳහා ලියාපදිංචි වි සිටි රෝගි දරුවන්ගේ සංඛ්‍යාව 250කි. දැන් මෙම දරුවන් සියලු දෙනාම මහරගම අපේක්ෂා රෝහල වෙත රැගෙන යාමට සිදුව ඇත.

ඇතිවි තිබෙන මෙම තත්වය සම්බන්ධයෙන් පිළිකා සංගමයේ කරාපිටිය ශාඛාවේ නිලධාරියෙකු පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විමසුවිට ලංකාවටම ඉන්නේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙක් පමණක් යයි පැවසු බවය.කෙසේ වෙතත් තම සංගමය එම දරුවන්ගේ පෝෂණ දිමනාව මාස්පතා නොකඩවා ලබාදෙන බවත් වාට්ටුව නැවත විවෘත කරදෙන ලෙස ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලා ඇති නමුත් තවම විසඳුමක් ලැබි නැති බවත් එම නිලධාරියා පැවසිය.

මේ පිළිබඳව කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ එස්.ඩී.යූ,එම්.රංග මහතාගෙන් විමසුවිට කියා සිටියේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවට සිටින්නේ ටික දෙනෙක් පමණක් බවය.එම වෛද්‍යවරුන්ද මහරගම රෝහලේ සිටින  නිසා විශේෂයෙන්ම කරාපිටිය රෝහලේ පිළිකා ළමා වාට්ටුවට වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇතිවි තිබෙන බවද ඒ මහතා කියා සිටියේය

Leave a Reply