කරාපිටිය ඇතුළු රෝහල් රැසක ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළු ශල්‍ය උපකරණවල දැඩි හිඟයක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් රැසක අත්‍යවශ්‍ය ජිවිතාරක්ෂක ඖෂධ වර්ග ඇතුළු ශල්‍ය උපකරණවල හිඟයක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ

කරාපිටිය රෝහලේ මෙන්ම අනෙකුත් රෝහල්වල ජිවිතාරක්ෂක ඖෂධ මෙන්ම එදිනෙදා සාමාන්‍ය රෝගාබාධවලට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධවල හිඟයක් සහ ඖෂධ උපකරණවලත් හිඟයක් පවතින බව එම සංගමය ප්‍රකාශ කර තිබේ

ඖෂධ අඛණ්ඩව රෝහලේ වාට්ටුවලට නොලැන බවත් සිහි නැති කිරීම සඳහා භාවිත කරන ඖෂධ, හිසට සිදුවන හානියකදී භාවිත කිරීමට ගන්නා ඖෂධ වර්ගවල මෙන්ම රුධිර කාන්දුපෙරණයේදී භාවිත කරන ඖෂධවල හිඟයක් කරාපිටිය රෝහලේ පවතින බවත් එමෙන්ම පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ ලේ වර්ධනය කිරීමට ලබදෙන ඖෂධත් හිඟ බවද එම සංගමය වැඩිදුරටත් සදහන් කර ඇත.

පැරසිටමෝල් පෙත්තේ සිට වමනය සඳහා ලබාදෙන ඖෂධ මෙන්ම උදරයේ දැවිල්ලට ලබාදෙන ඖෂධවල පවා උග්‍ර හිඟයක් පවතින බවත්, මුත්‍රා බට, රෝගීන්ට ආහාර ලබාදීම සඳහා නාසයෙන් ඇතුළු කරන බට, ශ්වසන පද්ධතිය ක්‍රියාත්මක කරගැනීම සඳහා ශල්‍යාගාරවල හා දැඩිසත්කාර ඒකකවල  භාවිත කරන උපකරණ සොයා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවද සංගමය ප්‍රකාශ කර තිබේ.

මේ නිසා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් මේ සඳහා රජය වහා මැදිහත් විය යුතු බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මව්බිම

Leave a Reply