කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් පිරිසක් පළායයි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් පසු රැඳවියන් 50 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් පළාගොස් තිබෙන බව වාර්තාවේ

අද (06) රාත්‍රියේ දෙපිරිසක් අතර හටගත් ගැටුමක් අතරතුර මෙලෙස රැඳවියන් පිරිසක් පළාගොස් ඇති අතර එය පාලනය කිරිම සදහා පොලිසිය සහ හමුදාවද කැඳවිමට සිදුව ඇති බවද වාර්තාවේ

පළාගිය එම රැඳවියන් සොයා මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භකර ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ

Leave a Reply