කන්දකාඩු කලබලය අස්සේ පළාගොස් රක්ෂිතයක අතරමංව සිටි රැඳවියෙකු ජිවිතක්ෂයට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගොස් සිටි රැඳවියෙක් රක්ෂිතයක අතරමංව සිටියදි සොයාගෙන රෝහල්ගත කිරිමෙන් පසු මිය ගොස් තිබෙන බව පොලිසිය පවසයි

දින කිහිපයක් නිරාහාරව සිට ඇති ඔහු පොළොන්නරුව රෝහලට ඇතුළු කිරීමෙන් පසු ඊයේ (11) රාත්‍රියේ මිය ගොස් තිබේ.

පසුගිය 10 වනදා වැලිකන්ද ත්‍රිකෝණ කන්ද රක්ෂිතයේ අතරමංව සිටියදී මෙම පුද්ගලයා පොලීසියට සහ හමුදා නිලධාරීන්ට හමුවී ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 31ක කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පුනරුත්ථාපනය සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලයෙකි.

පසුගිය 7 වැනිදා කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් හටගත් නොසන්සුන්තාවක් අතරතුර රැඳවියන් පිරිසක් ඉන් පළා ගොස් තිබුණි.

Leave a Reply