ඖෂධ හිඟයෙන් රෝහල් රැසක පෙර සැළසුම් කළ සැත්කම් නවතී – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක පෙර සැලසුම් කළ සැත්කම් සිදු නොකරන තත්ත්වයක් උද්ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.

මේ වනවිට රජයේ රෝහල්වල මෙන්ම පෞද්ගලික ඔසුසැල්වලද ඖෂධ නොමැති තත්ත්වයක් දක්නට ලැබෙන බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමය ප්‍රකාශ කර ඇත.

මේ වනවිට ඖෂධ හිඟය දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වන බවත් නැගෙනහිර පළාතේ මේ වනවිට ඉන්සියුලින් සොයාගත නොහැකි තත්ත්වයක් පවතින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට පවතින ඖෂධ හිඟය හමුවේ දිවයිනේ රෝහල් රැසක කලින් දින ලබාදී පෙර සැලසුම් කළ සැත්කම් අත්හිටුවා ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

Leave a Reply