ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි කත ගම්පොළ දී අවසන් ගමන් යයි

ගම්පොල දෙස සිට හෙම්මාතගම දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හෙම්මාතගම දී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීම නිසා එම මෝටර් රථයේ ගමන්ගත් විදේශීය කාන්තාවක් මිය ගොස් ඇයගේ දියණිය ද තුවාල ලබා ඇතැයි හෙම්මාතගම පොලිසිය පවසයි.

ගම්පොළ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී විදේශීය කාන්තාව මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉන්දීය සම්භවයක් ඇති 68 හැවිරිදි කාන්තාවකි.

මෝටර් රථය පදවාගෙන ගිය රියදුරා ද තුවාල ලබා ඇත. තුවාල ලැබූ දෙදෙනා ගම්පොල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.

රියදුරාට මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ගොස් ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

Leave a Reply