ඕස්ට්‍රේලියාවේ ශ්‍රි ලාංකීය කාන්තාවක් ඝාතනය කරලා

ඕස්ට්‍රේලියාවේ දකුණු මෙල්බර්න්හි සැන්ඩ්හර්ස්ට් ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක් ඇගේ නිවස තුළදී තියුණු ආයුදයකින් පහර දි ඝාතනය කර ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 44 හැවිරිදි තිදරු මවකි.

අපරාධය සිදුවන අවස්ථාවේ මෙම කාන්තාවගේ දියණිය අසල්වැසි නිවාසවලින් උදව් ඉල්ලමින් යන වීඩියෝ දර්ශන CCTV කැමරාවල පටිගත වී ඇති බව එම වාර්තා සඳහන් කළේය

ඇයගේ තරුණ පුත්‍රයාටද පහර දී ඇති බවත් පහර කෑමෙන් සිදු වූ තුවාල දරුණු නොවන බවත් මෙල්බර්න් පොලිසිය පවසයි.

මෙම ඝාතන චෝදනා සම්බන්ධයෙන් 45 හැවිරිදි සැමියා මෙල්බර්න් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply