ඔබේ පියයුරුවේ ගැටිත්තක් අසාමාන්‍ය තත්ත්වයක් තිබේ නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න

සෑම වසරකම ඔක්තෝබර් මාසය සැලකෙන්නේ පියයුරු පිළිකා වැළැක්වීම හා ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙසයි.

පියයුරු පිළිකාවලට ගොදුරු වූ කාන්තාවන් 12 දෙනෙකු පමණ දෛනිකව මෙරටින් හඳුනා ගන්නා බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

පසුගිය වසරවලට සාපේක්ෂව මේ වනවිට පියයුරු පිළිකා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබේ එලෙස පියයුරු පිළිකා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇත්තේ ඒ පිළිබඳ පරීක්ෂණ පහසුකම් පුළුල්වීම හේතුවෙන් බවද පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

පසුගිය වසරවලට සාපේක්ෂව පියයුරු පිළිකා හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ පහසුකම් සහ අවස්ථා මේ වනවිට පුළුල් වීම හේතුවෙන් මෙලෙස පියයුරු පිළිකා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවද පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

කාන්තාවන් වියපත්වීමත් සමඟ පියයුරු පිළිකා වැළඳීමේ ඉහළ අවදානමක් පවතින අතර, මෙම පිළිකා කලින් හඳුනා ගැනීමෙන් සම්පූර්ණයෙන්ම සුවකළ හැකි බවද එම සංගමය පවසයි.

බොහෝ කාන්තාවන් පියයුරු පිළිකා පරීක්ෂණ සිදුකිරීම සඳහා වැඩි උනන්දුවක් දක්වන බව ද එම වෛද්‍ය සංගමය වැඩිදුරටත් පවසයි.

One thought on “ඔබේ පියයුරුවේ ගැටිත්තක් අසාමාන්‍ය තත්ත්වයක් තිබේ නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න

Leave a Reply