ඔක්තෝබර් දෙවන සිකුරාදා ලෝක බිත්තර දිනයයි : ශ්‍රි ලංකාවද පලමුවරට බිත්තර දිනය සමරයි

ලෝකයේ බොහෝ රටවල ඔක්තෝබර් දෙවන සිකුරාදා ලෝක බිත්තර දිනය ලෙස සමරනු ලබයි. මෙවර එය ඔක්තෝබර් 14 දිනට යෙදී තිබේ

ලෝක බිත්තර දිනය ශ්‍රි ලංකාවේ පලමු වරට සමරමින් ගැබිණි මව්වරුන් 500කට පෝෂණ මල්ලක් බැගින් ප්‍රදානය කිරීම හෙට (14) අඟුණකොළපෑලැස්ස පුරහලේ දී සිදු කිරිමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

1996 දී වියෙනා නුවර දී පළමු වරට බිත්තර සම්බන්ධව ජාත්‍යන්තර දිනයක් වෙන් කළ යුතුයැයි IEC හෙවත් ජාත්‍යන්තර බිත්තර සම්මන්ත්‍රණයේ දී තීරණය කරනු ලැබීය

ඒ අනුව සෑම වසරකම ඔක්තෝබර් මස දෙවන සිකුරාදා ලෝක බිත්තර දිනය ලෙස අනෙකුත් බොහෝ රටවල් සමරනු ලැබුවත් ශ්‍රී ලංකාවේ මෙවර පලමුවරට බිත්තර දිනය සමරනු ලබයි.

Leave a Reply