ඓතිහාසික ගාලු කොටු පවුරේ කොටසක් ගිලා බසී (VIDEO) 

ඓතිහාසික ගාලු කොටු පවුරේ කොටසක් ගිලා බැසිමට පටන් ගෙන තිබේ. කොඩිගල ආසන්නයේ කොටු බැම්මේ කොටසක් මෙසේ ගිලා බැසිමට පටන් ගෙන ඇති අතර සිද්ධිය වාර්තාවිමත් සමග ගාලු උරුමය පදනම විසින් එම ස්ථානයට ජනතාව පැමිණිම වළක්වාලමින් ආරක්ෂා කිරිමට පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ගාලු උරුමය පදනමේ සභාපති පරාක්‍රම දහනායක මහතාගෙන්  විමසුවිට කියා සිටියේ කොටු බැම්මේ ගිලා බැසිමේ අවදානමට ලක්ව ඇති ස්ථානය හඳුනාගෙන ඇති බවත් එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග එක්ව කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරිමට පියවර ගන්නා බවත් එතෙක් එම ස්ථානයට ගමන් කිරිමෙන් වළකින ලෙස මහජනතාව දැනුම්වත් කර ඇති බවත් සභාපතිවරයා පැවසිය.

කොටුපවුරේ අප ජලය පිටවන පල්දොරු  පද්ධතියක් පිහිටි ස්ථානයට උඩින්ම ගිලා බැසීම සිදුව ඇති බවත් වාරකන් කාලය හේතුවෙන් පසුගිය දිනවල මුහුද සැර වීම නිසා මුහුදු රැල්ල වැදීමෙන් මෙය සිදුවන්නට ඇති බවත් ඔහු පැවසීය

අඩි තුනක පමණ විස්කම්බයකින් යුත් කොටසක් මෙසේ ගිලා බැස ඇති අතර අඩි විස්සකට වඩා අධික දෝනාවක් හෑරි තිබින.

Leave a Reply