එළව එළවා මිනිස්සු සපා කෑ බල්ලෙකු අල්ලා රැකවරණ මධ්‍යස්ථානයකට

තලාතුඔය නැඟ රිදී පාසල් ළමයින් ඇතුළු පුද්ගලයන් 18 දෙනෙකු පමණ සපාකෑ සුනඛයකු අල්ලා දොලුව ප්‍රදේශයේ සුනඛ රැකවරණ මධ්‍යස්ථානයකට භාරදීමට තලාතුඔය පොලිසිය හා පහතහේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබේ.

මෙම සුනඛයා විසින් පසුගිය දින කිහිපය පුරා පුද්ගලයන් බොහෝ දෙනකු සපා කා ඇති අතර සපාකෑමට යෑමේදී බේරීමට දිව යෑමෙන් වැටී තුවාල වූ පිරිසක්ද සිටි බව වාර්තාවේ.

නගරය ඇති පාසල් හා රජයේ කාර්යාලය සඳහා ගමන් ගන්නා මාර්ගය ආසන්නයේ රැඳී සිටිමින් එහි ගමන් ගන්නා පුද්ගලයා සපා කා ඇති අතර මහත් පරිශ්‍රමයක් දරා මෙම සුනඛයා නිරුපද්‍රිතව අල්ලාගෙන සුනඛ රැකවරණ මධ්‍යස්ථානය වෙත පෙරේදා (25) භාර දී තිබේ.

තලාතුඔය නගරයේ මේ වන විට නිදැල්ලේ යන සුනඛ ගහණය අධික ලෙස වැඩි වී ඇති අතර දහවල් මෙන්ම රාත්‍රී කාලයේද යතුරුපැදි පසුපස සුනඛයන් පැන්නිම හේතුවෙන් යතුරුපැදි පෙරලිමෙන් තුවාල ලැබුවන් ද පසුගිය කාලයේ වාර්තා වී ඇත්තේ ප්‍රදේශවාසීන් පවසයි.

Leave a Reply