එනසල් කැඩිමට ගොස් සිංහරාජයේ අතුරුදහන් වු කාන්තාවක් සොයා මෙහෙයුම්

කොලොන්න සූරියකන්ද හිමිදිරි පෙදෙසින් එනසාල් කැඩීමට සිංහරාජ වනාන්තරයට  ඇතුල් වූ කාන්තාවක් ඉකුත් (3) දින සිට අතුරුදහන් වී ඇතැයි සූරියකන්ද පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ සූරියකන්ද පදිංචි 45 හැවිරිදි කාන්තාවකි.

තම සැමියා සහ පුත්‍රයා සමග වනාන්තරයට ඇතුල්වී එනසල් කඩමින් වනාන්තරයේ ඇවිදිමින් සිටින අතරතුර මව මගහැරී ඇති බවට පොලිසියට කල පැමිණිල්ලේ සදහන්ව තිබේ.

පසුව පොලිස් කණ්ඩායම් කීපයක් ප්‍රදේශවාසින් සහායෙන් එම කාන්තාව සොයා මෙහෙයුම් කටයුතු සිදු කළ ද ඇය සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය පවසයි

පසුව පොලිසිය කුරුවිට යුද හමුදා කඳවුරෙන් කළ ඉල්ලීමෙන් අනතුරුව විස්සකින් සමන්විත යුද හමුදා සෙබළුන් කණ්ඩායමක් පොලිසිය සමග එක්වී ඇය සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි

Leave a Reply