ඌරන්ට ඇටවු අනවසර විදුලි රැහැනක ගැටී කාන්තාවක් මරුට

ඌරගස්මංහන්දිය කිරිමැටියාව ප්‍රදේශයේ වෙල් යායක ඌරන්ට ඇටවූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් විදුලි සැර වැදී කාන්තාවක් අද (02) දහවල් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කිරිමැටියාව උරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවකි.

වෙල්යාය හරහා ගමන් කිරීමේදී මෙය සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් උරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply