උණවතුර බෝතලයේ කසිප්පු 

උණු වතුර බෝතලයක දමාගෙන කසිප්පු ගෙන යමින් සිටි සැකකරුවෙකු කසිප්පු පැකට් 25ක්ද සමග අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වලහන්දුව පදිංචි 55 හැවිරිදි සැකකරුවෙකි.

මුර සංචාරයේ යමින් සිටි පොලිස් නිලධාරි කණ්ඩායමකට සැකකරු මකුළුව ප්‍රදේශයේදි හමුවි ඇති අතර සැකකරුට පෙර වැරදි තිබෙන නිසා පොලිස් නිලධාරින් ඔහු පරික්ෂා කර ඇත .එම අවස්ථාවේ ඔහුගේ අතේ ලිටර් තුනේ උණුවතුර බෝතලයක් තිබි ඇති අතර පොලිස් නිලධාරින් එය පරික්ෂා කර තිබේ.

එය උණු වතුර බෝතල‍යක කවරයක් පමණක් බව දැනගත් පොලිස් නිලධාරින් එය අසාමාන්‍ය බරකින්ද යුක්තවිම නිසා යටි පැත්තේ පියන ගලවා පරික්ෂා කිරිමේදි  කුඩා පොලිතින් පැකට්වල අසුරන ලද කසිප්පු පැකට් විසි පහක් සොයාගෙන ඇත. වැඩි දුරටත් කරන ලද විමරශණයේදි අනාවරණයවි ඇත්තේ මෙම එක් කසිප්පු පැකැට්ටු අලෙවි කිරිමට ගෙන යමින් සිටි බවය.

Leave a Reply