උණවටුන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ උණවටුන සුපිරි වෙළදසැලක් ඉදිරිපිටදී අද (03) දහවල් ලොරියක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ උණවටුන මහරඹ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.

ගාල්ල සිට අහංගම දෙසට ධාවනය වූ ලොරි රථයේ හරස් මාර්ගයක සිට පැමිණි යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් එහිදී බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු කරාපි⁣ටිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු මියගිය බවද පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply