උණවටුනේ නිවසකින් රුපියල් ලක්ෂ 23 රන් ආභරණ සොරකම් කරලා

හබරාදුව, උණවටුන ප්‍රදේශයේ නිවසකින් රුපියල් විසිතුන් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා රන් ආභරණද, මුදල් රුපියල් එක් ලක්ෂ අසුපන් දහසක් ද සොරකම්කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

නිවස වසා නිවැසියන් දින දෙක තුනක් පිටතට ගොස් සිටියදි නිවසේ ජනේලයක් කඩා ඇතුලුවි සියලුම ස්ථාන අවුස්සා දමා නිවසේ තිබු පවුම් 18 රන් ආභරණද, මුදල්ද මෙසේ සොරකම් කර ඇත.

සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා හබරාදුව පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Leave a Reply