උණවටුනදි ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී විදේශ කාන්තාවක් ඇතුළු දෙදෙනකු මරුට (VIDEO)

ගාල්ල – බෙලිඅත්ත ප්‍රධාන දුම්රිය මාර්ගයේ උණවටුන මහරඹ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක් හරහා ධාවනය වූ ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී අද (01) පෙරවරුවේ සිදුවු අනතුරකි රුසියානු ජාතික විදේශික කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

බෙලිඅත්ත සිට අනුරාධපුරය දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියට මෙලෙස ත්‍රිරෝද ත්‍රි රෝද රථය ගැටී තිබෙන අතර සිව් රෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ විදෙස් කාන්තාව මෙලෙස මියගොස් තිබේ.

දුම්රියේ ගැටුණු ත්‍රීරෝද රථය ගිනිගෙන විනාශ වී තිබෙන අතර එහි සිටි විදේශීය කාන්තාව සහ අනෙක් පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.

Leave a Reply