ඉස්කෝලේ යන ළමයින්ට නිල ඇඳුම් රෙදි බෙදා දීම ආරම්භ කරයි

පාසල් සිසුන්ට නොමිලේ ලබා දෙන නිල ඇඳුම් රෙදි බෙදාහැරීම ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර තිබේ.

උතුරු නැගෙනහිර, උතුරුමැද සහ ඌව වැනි පළාත්වල පාසල්වලට මුලින් නිලඇදුම් රෙදි ප්‍රවාහනය කරන අතර ක්‍රමයෙන් දිවයිනේ අනිකුත් පළාත්වලටද නිල ඇදුම් රෙදි බෙදාහරින බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

නිල ඇඳුම් රෙදි සඳහා වැය වන මුදල රුපියල් කෝටි 780 ක් වන අතර ඉන් රුපියල් කෝටි 550 ක රෙදි චීනෙන් ලැබුණු බවද ඒ මහතා සඳහන් කර තිබේ.

මෙරට පාසල් සිසුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවෙන් සීයයට 70 ක්ම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු බවද අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

Leave a Reply