ඉර හෙටත් සැරවෙයි කාලගුණයෙන් දැනුම් දීමක්

ප්‍රදේශ කිහිපයකට හෙට (17) උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ක්‍රික්ක සඳහා හෙට දිනය සඳහා වලංගුවන පරිදි අද (16) පස්වරුවේ එම නිවේදනය නිකුත් කර ඇත.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ක්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතිණු ඇති බව්ටා අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඊට වැඩිවේලාවක් නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකිය.

තවදුරටත් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඬු පෙරලීම් සිදුවිය හැකි බවටද අනතුරු අඟවයි.

Leave a Reply