ඉරාකයේ පාපන්දු තරඟයක් අතරතුර තෙරපුමක් – දෙදෙනෙකු මරුට විශාල පිරිසකට තුවාල

ඉරාකයේ පැවති ගල්ෆ් කුසලාන අවසන් තරගයට පැය කිහිපයකට පෙර පාපන්දු ක්‍රීඩාංගනයක පිටත ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් 80 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

ඉරාකය සහ ඕමානය අතර ආරම්භ වීමට නියමිතව තිබූ මෙම ජාත්‍යන්තර තරගය නැරඹීමේ බලාපොරොත්තුවෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව දහස් සංඛ්‍යාත ක්‍රිඩා ලෝලීන් ඉරාකයේ ප්‍රධාන දකුණු නගරය වන බස්රා හි ක්‍රීඩාංගනයට පිටතින් රැස්ව සිටි බව වාර්තා වේ.

ප්‍රවේශපත්‍ර නොමැති ක්‍රිඩා ලෝලීන් විශාල පිරිසක් ක්‍රිඩාංගණය තුලට ඇතුළු වීමට උත්සාහ කිරීම නිසා මෙම තත්ත්වය හටගෙන තිබෙන බවත් ඉන් දැනට දෙදෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේය.

මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය

ගල්ෆ් කුසලානය සදහා කුවේට්, බහරේනය, ඕමානය, සෞදි අරාබිය, කටාර්, යේමනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉරාකය යන රටවල් තරඟ වදියි.

Leave a Reply