ඉම්රාන් ඛාන්ට පකිස්ථාන පාර්ලිමේන්තුවේ දොර වැසෙයි

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි වසර 5 කට අහෝසි කිරීමට එරට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හතරදෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඉම්රාන් ඛාන් මහතා අග්‍රාමාත්‍ය ධුරය කටයුතු කරන අවස්ථාවේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු තෑගි සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සහ නිවැරදි නොවූ වත්කම් ප්‍රකාශයක් ලබා දීම සම්බන්ධෙයන් වැරදිකරු යැයි ඔප්පු වීම හේතුවෙන් මෙම තීරණය ලබා දී තිබෙන බවද එම වාර්තා සදහන් කළේය.

කෙසේ නමුත් ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය තීන්දුව පිළිනොගන්නා බවත් මැතිවරණ කොමිසමේ මෙම තීරණය අභියෝගයට ලක් කරමින් ඉස්ලාමාබාද් මහාධිකරණයේ අභියාචනාවක් ගොනු කරන බවද තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply