ඉන්දුනීසියාවේ ප්‍රබල භූමිකම්පාවකින් මරණ රැසක් සමගින් බරපතළ හානි

ඉන්දුනීසියාවේ බටහිර ජාවාහි සිදුවූ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.6 ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් 162 දෙනෙකු මියගොස් ඉතා විශාල පිරිසක් තුවාල ලබා තිබෙන බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූ කම්පනය හේතුවෙන් දැඩි බලපෑමට ලක් වී ඇත්තේ, සියන්ජූර් නම් ප්‍රදේශය බවත් මෙම මරණ වාර්තා වී ඇත්තේ එක රෝහලකින් පමණක් බවත් අවට ප්‍රදේශවල තවත් බොහෝ මරණ සහ තුවාල සිදුව ඇති බවත් එම වාර්තා සඳහන් කළේය.

නගරයේ පිහිටි කඩ සාප්පු, රෝහලක් ඇතුළු ගොඩනැගිලි රැසකට භූමිකම්පාවෙන් දැඩි හානි සිදුව ඇති බවත් නගරයෙන් පිටත ප්‍රදේශවල ජනතාව තවමත් කොටු වී සිටිය හැකි බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

භූමිකම්පාව සිදුවු ප්‍රදේශය ආසන්නයේ පදිංචිකරුවන්ට තවදුරටත් පසු කම්පන ගැන විමසිල්ලෙන් සිටින ලෙස එරට කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා තිබෙන අතර දැනට ප්‍රදේශයේ ගොඩනැගිලිවලින් පිටත රැඳී සිටින ලෙසද ඔවුන් අනතුරු අඟවා තිබේ.

Leave a Reply