ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා රැගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි

🔴Update🔴 – තමිල්නාඩු ප්‍රාන්තයේ දී කඩාවැටුනු හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ඇතුළු 14 දෙනා මියගොස් ඇති බව ඉන්දීය බලධාරීන් විසින් ප්‍රකාශ කර ඇත

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් තිබු එරට යුද හමුදාවට අයත් හෙලිකොප්ටරයක් ​​තමිල්නාඩුවේ, කුනූර් ප්‍රදේශයේදී කඩා වැටී ඇති බව එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේය..

මෙම හෙලිකොප්ටරය අනතුරට ලක්වන අවසථාවේදී ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ගේ පවුලේ සමිපතයින් කිහිප දෙනෙකු ද එහි සිට ඇති බවත් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Mi-17V5 වර්ගයේ හෙලිකොප්ටරයක් බව එම වාර්තා සඳහන් කලේය..

අනතුරෙන් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර අනතුරෙන් කිසිවෙකු හෝ ජිවිතක්ෂයට පත්ව ඇත්ද යන්න මෙතෙක් කරුණු අනාවරණය වී නොමැත නමුත් මළසිරුරු කිහිපයක් එම ස්ථානයේ දක්නට ලැබෙන බව සමාජ මාධ්‍ය වාර්තා කලේය 

Leave a Reply