ඉන්දීයාවේ සිට ආනයනය කල පළමු බිත්තර තොගය මෙරට එයි

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය අද (23) අළුයම දිවයිනට ළඟා වී තිබේ.

මෙරට බිත්තර මිල පාලනය කිරිමේ අරමුණින් ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරිමට රජය තීරණය කරනු ලැබීය. ඒ අනුව පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 2ක් ආනයනය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කළේය.

දිවයිනට රැගෙන ආ බිත්තර තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන පරීක්ෂණ වලින් අනතුරුව ඒවා නිදහස් කර ගැනීමට නියමිතව තිබේ.

මෙම ආනයනය කරන ලද බිත්තර සහනදායී මිලක් යටතේ බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේය

Leave a Reply