🔴BREAKING🔴 – ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

ඉන්දියාවේ සිදුවූ බිහිසුණු දුම්රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 300කට ආසන්න පිරිසක් තුවාළ ලබා ඇති බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔඩීෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේ දී කෝරමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රියේ පෙට්ටි හතරක් පීලි පැනීමෙන් භාණ්ඩ දුම්රියක මුහුණට මුහුණ ගැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වන කොරොමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය පීලි පැන ප්‍රතිවිරුද්ධ මාර්ගයට වැටී ඇති අතර, බොහෝ පිරිසක් තවමත් සිරවී සිටින බව වාර්තාවේ.

කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබූ කොරමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය, පීලි පැන එහි පෙට්ටි කිහිපයක් ප්‍රතිවිරුද්ධ දුම්රිය මාර්ගය මතට වැටී තිබේ. එහි ගැටී ඇත්තේ කොල්කටා දක්වා ධාවනය වෙමින් තිබූ තවත් දුම්රියකි.

එමෙන්ම ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ තවත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ද මින් අනතුරට ලක්ව ඇති බවය.

අනතුර සිදු වූ ස්ථානයේ අවට ප්‍රදේශවාසීන් සහ අනෙකුත් දුම්රිය ස්ථානවලින් දුම්රිය ගලවා ගැනීමේ කණ්ඩායම් දැනටමත් එම ස්ථානයට පැමිණ තුවාල ලැබුවන් ගලවා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බව එම වාර්තා සඳහන් කළේය.

අනතුරට ලක්වූවන් සොයා දැවැන්ත මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ.

එම ස්ථානයේ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර විපතට පත් වූවන්ට “හැකි සියලු ආධාර” ලබා දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.