ඉන්දියාවේ බලු රංචුවක් අවුරුදු පහක ළමයෙකු ඝාතනය කරයි (CCTV)

ඉන්දියාවේ හයිද්‍රාබාද් හි ඇම්බර්පෙට් ප්‍රදේශයේදී වයස අවුරුදු 5ක් පමණ වන කුඩා පිරිමි ළමයෙකු මාර්ගයේ සිටි බල්ලන් රංචුවක් විසින් ඝාතනය කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රදීප් නැමැති වයස අවුරුදු 5ක් පමණ වන කුඩා පිරිමි ළමයෙකු වන බවත් ප්‍රහාරයෙන් පසු දරුවා රෝහලට රැගෙන ගියද ඔහු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේය.

එම දරුවා මාර්ගයේ තනිව ගමන් කිරීමේදී මෙම අනතුරට මුහුණදී ඇති අතර අදාළ සිදුවීම ඒ අසළ තිබූ CCTV කැමරාවක සටහන් වී තිබේ.

අදාළ වීඩියෝවේ දැක්වෙන ආකාරයට පාරේ ගමන් ගන්නා කුඩා දරුවා වටා බල්ලන් 3 -4 ක් පමණ සිටින අතර පසුව එම බල්ලන් රංචුව දරුවා සපාකන අයුරු දැක්වෙනවා.

සංවේදි දර්ශන අඩංගු බැවින් සංවේදි අය නැරඹිමෙන් වලකින්න

Leave a Reply