ඉන්දියාවේදි ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙක් මරුට

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවූ අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19, 20 සහ 21 හැවිරිදි වියේ පසුවූ තරුණයින් තිදෙනෙකි.

මියගිය තිදෙනාම යතුරුපැදියක ගමන්කරමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

යතුරුපැදිය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර එහිදී බරපතළ තුවාල ලැබූ තරුණයින් තිදෙනා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇතත් ඒ වනවිටත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය වී තිබේ.

ඔවුන් තමිල්නාඩුවේ ගුම්මිඩිපූන්ඩි හි සරණාගත කඳවුරක රඳවා සිටියදී සුළු රැකියාවල නිරතව සිට ඇති බව වාර්තා වෙයි.

Leave a Reply