ඉතාලි මුහුදේ ටොන් දෙකක කොකේන්

ඉතාලියේ සිසිලි වෙරළට ඔබ්බෙන් වු මුහුදේ පාවෙමින් තිබූ කොකේන් ටොන් දෙකක් (කිලෝග්‍රෑම් 2,000) පමණ ඉතාලි පොලිසිය විසින් සොයාගෙන තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

එය තම රටේ විශාලතම නීති විරෝධී මත්ද්‍රව්‍ය සොයා ගැනීමක් බව ඉතාලි බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

මසුන් ඇල්ලීමේ දැල් මගින් ජලය නොයන ලෙසට ආරක්ෂිතව අසුරා තිබූ අසුරන 70 ක් පමණ තිබී ඇති අතර ඒවා ස්ථාන සොයා ගන්නා උපකරණයකින් සමන්විතව තිබූ බවත් එම වාර්තා සඳහන් කළේ ය.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම යුරෝ මිලියන 400 (ඩොලර් මිලියන 440) ඉක්මවන බව ඉතාලි පොලීසිය ප්‍රකාශ කර තිබේ

කිසිවකුට ලබාදීම සඳහා භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මගින් මෙම මත්ද්‍රව්‍ය තොගය මුහුදට දමා ඇති බවට සැක කරන බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

අසුරන දහසකට පමණ වැඩි ප්‍රමාණයක් පමණ සකස් කර තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය එරට නාවික හමුදා නිරීක්ෂණ ගුවන් යානයක් මගින් නිරීක්ෂණය කිරීමෙන් පසුව මේවා සොයා ගත් බව එරට පොලිසිය පවසයි.

Leave a Reply