ඉතාලියේ තවත් අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු ජිවිතක්ෂයට

ඉතාලියේ රෝම අගනුවර කොරනේලියා ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

මෙලෙස ජීවිතක්ෂයට ඇත්තේ රෝම අගනුවර පදිංචි මාන්නගේ මාර්කෝ නැමති 25 හැවිරිදි තරුණයෙකි.

පසුගිය 21 වැනිදා රාත්‍රීයේ විදුලි ස්කූටයකින් නිවස බලා යමින් සිටි මෙම තරුණයා මාර්ගයේ ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන වෑන් රථයකට ගැටී මෙම අනතුර සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

මෙම අනතුර සම්බන්ධයෙන් රෝම රථවාහන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මීට දිනකට පෙර ඉතාලියේ බෙර්ගමෝ නගරයේ සිදුවූ රිය අනතුරකින් ද බෙර්ගමෝ නගරයේ පදිංචි 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්විය.

Leave a Reply