ඇෆ්ගනිස්ථානයේ අධික සීතලෙන් 70 දෙනෙකු මරුට

පවතින අධික සීතල දරා ගැනීමට නොහැකිව, ඇෆ්ගන් වැසියන් 70 දෙනකු සහ ගවයන් 70,000 ක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෑත ඉතිහාසයේ ඇෆ්ගනිස්තානයට බලපෑ දැඩි සීතල කාලගුණ තත්ත්වය මෙය වන අතර අධික සීතලෙන් වැඩිපුරම බලපෑම් එල්ල වී ඇත්තේ ඝෝර් දිස්ත්‍රික්කයටයි.

ඇෆ්ගන් වැසියන් සහ ගවයන් පසුගිය සති දෙකක කාලය තුල මෙලෙස මියගොස් ඇති බව ඇෆ්ගන් ආපදා කලමණාකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සදහන් බව එම වාර්තා පවසයි.

ඇෆ්ගනිස්තානයේ පළාත් රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 33 දක්වා අඩුවි තිබේ. මෙම අධික සීතල මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය කිරීමට හේතුවක්ව ඇති බව විචාරකයන් පවසයි.

ආහාර නිෂ්පාදන කටයුතුවලට ද අධික සීතලෙන් බලපෑම් එල්ල වී තිබෙන අතර මෙම දැඩි සීතල කාලගුණය තව සති කීපයක් පවතිනු ඇති බව එරට කාලගුණ අංශ ප්‍රකාශ කර තිබේ.

Leave a Reply